ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදාමයට සහාය දීමේ තමන්ගේම ඉතිහාසය මකා දමමින් එය නැවත ලිවීමට ජර්මන් රජය දියත් කර ඇති ක්‍රියාමාර්ග වහා නවතනු ! විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයන්ට එරෙහිව නඩු පැවරීමට එරෙහි වෙමු.

දෙමළ විමුක්ති කොටි සංවිධානයට සහාය ලබා දුන් දෙමළ ඊළාම් ක්‍රියාකාරිකයන්ට දඬුවම් පැමිණවීමට ජර්මනිය විසින් ත්‍රස්තවාදයට එරෙහි නීති යොදා ගැනීම මගින් 2007-2009 කාල පරිච්ඡේදය තුළ ජර්මනිය ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදාමයට සහාය ලබාදීමේ තමන්ගේම ඉතිහාසය මකා දමමින් සිටියි. මෙම සාම ක්‍රියාදාමය මගින් විමුක්ති කොටි සංවිධානය ශ්‍රි ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත්වල දෙමළ ජනතාවගේ නීත්‍යානුකූල නියෝජිතයා ලෙස පිළිගනු ලැබූ අතර එමගින් දිවයිනේ සියලු ප්‍රජාවන් වෙත සාමය දිනාගැනීම සඳහා පුළුල් අවකාශයක් සහ වටිනා අවස්ථාවක් විවර කර දෙනු ලැබිණි. එහෙත් ඒ වෙනුවට දෙමළ විමුක්ති අරගලය ත්‍රස්තවාදි අපරාධකාරි ව්‍යාපාරයක් ලෙස නම් කරමින් එය මර්දනය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්තින් වලට අවනතවෙමින් එය අනුගමනය කිරීමට ජර්මනිය ද කටයුතු කිරීමේ ප්‍රතිඵලය වූයේ 2009 දී දෙමළ ජනතාව දස දහස් ගණනින් මරණය පත්වීම වූ අතර එම ජනඝාතක ක්‍රියාදාමය තවමත් සිදුවෙමින් පවතී. 2022 අප්‍රේල් 27 දින ජර්මනියේ ඩුසල්ඩෝෆ් හිදී ආරම්භ කරන ලද නවතම නඩු විභාගයේදී (humanrights.de/report-of-nathan-thambi-anandarajah-trial) විමුක්ති කොටි සංවිධානයට අරමුදල් රැස් කරමින් ත්‍රස්තවාදයට ආධාර කරන ලදැයි දෙමළ ක්‍රියාකාරිකයන් සිව් දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල කර ඇති අතර ඉන් දෙදෙනෙකු වන නාදන් තම්බි සහ ආනන්ද රාජා යන එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් විමුක්ති කොටි සංවිධානය ත්‍රස්තවාදි සංවිධානයක් ලෙස නම් කිරීමට සහ විමුක්ති කොටි සංවිධානයට අරමුදල් සැපයීම ත්‍රස්ත ක්‍රියාවක් ලෙස නම් කිරීම සම්බන්ධයෙන් ඔවුහු සිය විරෝධය පළ කර තිබේ. සිය ස්ථාවරය වෙනුවෙන් ඔවුහු ගෙන යන නීතිමය සහ දේශපාලන අරගලයට ඔවුහු ඔබගේ සහාය ඉල්ලා සිටිති.

ඩුසෙල්ඩෝෆ්- 2022 අප්‍රෙල් මස 27 වැනි දින නාදන් තම්බි සහ ආනන්ද රාජාට එරෙහිව නඩු විභාගය ආරම්භ වූ අවස්ථාවේ ඩුසල්ඩෝෆ් අධිකරණය ඉදිරිපිට එම නඩුවට එරෙහිව පැවැති විරෝධතාවක

2006 දී යුරෝපා සංගමය විසින් විමුක්ති කොටි සංවිධානය තහනම් කිරීම ජර්මන් ප්‍රතිපත්තියේ විශාල පරාජයකි.

එක්සත් ජනපදය විසින් සිදු කරන ලද බලපෑම්වලට යටත්වෙමින් යුරෝපා සංගමය විසින් විමුක්ති කොටි සංවිධානය සහ ශ්‍රි ලංකා රජය අතර සාම ක්‍රියාදාමය වෙත ලබා දුන් සහයෝගය බිඳ නොවැටුණේ නම් ශ්‍රි ලංකාවේ වර්තමාන තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් එකක් වන්නට ඉඩ තිබිණි.විමුක්ති කොටි සංවිධානය විසින් වසර 2000දී ඒක පාර්ශ්වික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් ආරම්භ කරන ලද සාම ක්‍රියාදාමය තුළින් සාමකාමී විසඳුමක් සාකච්ඡා මගින් ලබාගැනීම සඳහා යුරෝපා සංගමය විසින් ලබා දුන් ප්‍රබල සහයෝගය විශාල ආධාරයක් විය.මෙම සාමක්‍රියාදාමය සඳහා ජර්මනියේ සහයෝගය අති මහත් වැදගත් කමකින් යුක්ත විය. ජර්මනිය මෙම සහයෝගය ලබා දීමට ඉදිරිපත් වූයේ ඒ දක්වා ජර්මනිය විසින් අනුගමනය කරමින් එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍ය යේ ප්‍රතිපත්තිවලින් ඉවත්වෙමිනි.

සාම ක්‍රියාදාමය ආරම්භ වන විට විමුක්ති කොටි සංවිධානය විසින් සම්ප්‍රදායික දෙමළ නිජබිම්වලින් දළ වශයෙන් 75%ක් පමණ සිය පරිපාලනය කරමින් තිබිණි. බ්‍රිතාන්‍ය විසින් ගොඩ නගන ලද ලාංකීය රාජ්‍යයේ ම්ලේච්ඡ ජාතිවාදි පීඩනයට එරෙහිව දෙමළ විමුක්ති කොටි සංවිධානය දශක ගණනක් තිස්සේ අරගලයක නිරත විය. කෙසේ වුව ද උපායමාර්ගික වැදගත්කමකින් යුතු මේ දිවයින තුළ සිංහල සහ දෙමළ ප්‍රජාවන් ස්වාධිපත්‍යය සාමකාමී ලෙස බෙදාගැනීම එක්සත් ජනපදයේ කැමැත්තට හේතු නොවීය.දෙමළ විමුක්ති කොටි සංවිධානය විසින් උපායමාර්ගිකව වැදගත් කමකින් යුතු ස්වාභාවික වරායන් අයත් ප්‍රදේශ පාලනය කරන තත්ත්වයක් ඇති වුව හොත් එය එක්සත් ජනපදයට සිය යුද කඳවුරු එම ප්‍රදේශවල පිහිටුවීමට බාධාවක් වනු ඇත. (මේ පිළිබඳව ජනමාධ්‍යවේදී සිවරාම් සමග සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාව බලන්න humanrights.de/wp-content/uploads/videos/genocide_evidence/sivaram_geo_es.mp4)

ඉතා සැලසුම් සහගත ලෙස සාම ක්‍රියාදාමය බිඳ දැමීමට කටයුතු කළ එක්සත් ජනපදය විසින් අවසානයේ විමුක්ති කොටි සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමටත් සාමකාමී විසඳුමක් සඳහා යුරෝපා සංගමය විසින් ලබා දුන් සහයෝගය අත්හැර දැමීමටත් යුරෝපා සංගමය පොළඹවාගැනීමට සමත් විය. අපේක්ෂා කළ යුතු පරිදිම යුරෝපා සංගමය විසින් විමුක්ති කොටි සංවිධානය තහනම් කිරීමෙන් අනතුරුව 2006 ජූලි මාසයේදී ශ්‍රි ලංකා රජය සාම ක්‍රියාදාමයෙන් ඉවත් වී ජාත්‍යන්තර සහයෝගයද සහිතව විමුක්ති කොටි සංවිධානය විසින් පවත්වාගෙන පරිපාලනයත් ශ්‍රි ලංකාවේ දෙමළ ජනතාවට දිවයිනේ සෙසු ප්‍රජාවන් සමග ආත්ම ගෞරවයකින් යුතුව ජීවත් වීමට තිබූ හැකියාවත් විනාශ කර දැමීම සඳහා ආක්‍රමණශීලී යුද්ධයක් ආරම්භ කරන ලදි. සාම ක්‍රියාදාමයට එරෙහි එක්සත් ජනපදයේ රාජ්‍ය තාන්ත්‍රික සහ දේශපාලනික මැදිහත්වීම් වූකලී අවසානයේදී දෙමළ ජනසංහාරයකට මග සලසන ලද මූලික අපරාධයයි.( ස්ථාවර මහජන විනිශ්චය සභාවේ 2013 වාර්තාව බලන්න ptsrilanka.org)

2010 දී ජර්මන් අධිකරණ අමාත්‍යාංශය විසින් විමුක්ති කොටි සංවිධානය විදේශ ත්‍රස්තවාදි සංවිධානයක් ලෙස සළකා දඬුවම් පැමිණවීමට කටයුතු කිරීම සාමකාමී විසඳුමක් සඳහා සහාය ලබාදීමේ ජර්මන් ප්‍රතිපත්තියේ තවත් පරාජයකි.

2006 දී ශ්‍රි ලංකා රජය විසින් යුද්ධය නව වටයකින් ඇරඹීමත් සමගම ඊලාම් දෙමළ ජනතාවට එරෙහිව එය විසින් සිදුකරන අපරාධ ඉහළ යමින් පවතිද්දී එක්සත් ජනපදය විසින් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව සිදු කරන ලද ක්‍රියාවන්ද උත්සන්න කෙරිණි.විකිලීක්ස් විසින් හෙළිකර ඇති පරිදි (tamilnet.com/art.html?catid=13&artid=33748) එක්සත් ජනපදය විසින් විමුක්ති කොටි පරිපාලනයට මුදල් හෝ ආයුධ ලැබීම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර සම්බන්ධීකරණ කණ්ඩායම් ගොඩ නැගීමද ඒ අතර විය.මෙයට සමාන්තරව ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය(theguardian.com/uk/2008/apr/29/ukcrime.uksecurity), ප්‍රංශය(reuters.com/article/idUSL01725314) සහ ඉතාලිය(reuters.com/article/us-italy-srilanka-arrests-idUSL1862171920080618) වැනි දෙමළ සරණාගතයන් බහුල වශයෙන් සිටින බොහෝ බටහිර රටවල් තුළදී විමුක්ති කොටි සංවිධානයේ ආධාරකරුවන්ට එරෙහිව මෙහෙයුම් දියත් වූ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම් සිදු විය.

කෙසේ වුව ද ජර්මනිය යුරෝපා සංගමයේ තහනමට සහාය ලබා දුන්නද එය විසින් එවැනි මර්දන කාරි ක්‍රියාමාර්ග දියත් නොකරන ලදි. යුරෝපා සංගමයේ තහනම ජර්මන් නීතිය තුළ භාවිතාවේ නොයෙදුණ අතර ජර්මන් බලධාරින් විසින් විමුක්ති කොටි සංවිධානය ත්‍රස්තවාදි සංවිධානයක් ලෙස සළකන බවට කිසිදු ඇඟවීමක් ද ප්‍රකාශ නොවිණි. යුරෝපා සංගමය විසින් විමුක්ති කොටි සංවිධානය තහනම් කිරීමට වසරකට ඉහතදී පවා එම සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ජර්මන් බලධාරින් හමු වී සාකච්ඡා පවා සිදු කරන ලදි. ශ්‍රි ලංකා රජය යුද්ධය දියත් කිරීමෙන් පසුව එක්සත් ජනපදය මෙන් නොව ජර්මන් රජය විසින් ශ්‍රි ලංකා රජයට දෙන ලද මුල්‍ය ආධාර නැවැත්වීම පවා සිදු කරන ලදි.2009 වසරේදී ශ්‍රි ලංකා රජය විසින් දෙමළ ජනතාවට එරෙහිව සිදු කරමින් සිටි මිනිස් ඝාතන උත්සන්න අවදියට පත්වූ අවස්ථාවේ එයට එරෙහිව ලොවපුරා පැන නැගි දෙමළ ජනතාවගේ උද්ඝෝෂණ මර්දනය කිරීමට ජර්මන් රජය විසින් කටයුතු නොකරන ලදි. ජර්මනියේ ඩුසල්ඩෝෆ්හිදී මාර්ග අවහිර කරමින් දෙමළ ජනයා ශ්‍රි ලංකාවේ සිදුකරන ජන සංහාරය නැවැත්වීමට මැදිහත්වන්නයි ජර්මන් රජයෙන් ඉල්ලා සිටිමින් සිදු කරන ලද උද්ඝෝෂණය කෙරෙහිද ජර්මන් රජයේ ප්‍රතිචාරය වූයේ දෙමළ ජනයාගේ අරගලයේ යුක්තිසහගත බව පිළිබඳ අවබෝධයකින් යුතු සහ ඔවුන් මුහුණ දෙමින් සිටින බිහිසුණු වාතාවරණය පිළිබඳව සානුකම්පිත හැඟීමකින් ද යුතු එකකි. කෙසේ වුව ද මෙම කාලය තුළ දී අසල්වැසි ප්‍රංශය දෙමළ ජනතාවගේ උද්ඝෝෂණවලට දැක්වූයේ අනුකම්පා විරහිත දැඩි ප්‍රතිචාරයකි. ප්‍රංශ රජය(france24.com/en/20090421-paris-tamil-protest-turns-violent-more-200-arrested-) විසින් සිය ගණනින් දෙමළ ජනයා අත් අඩංගුවට ගන්නා ලදි.

ජර්මනියේ මෙම ප්‍රතිපත්තියේ තීරණාත්මක වෙනසක් සිදුව ඇති බවට ප්‍රකාශයට පත්වූයේ 2010 වසරේදී ජර්මනිය පුරා ඊලාම් දෙමළ ජනතාවට එරෙහිව පොලිස් මෙහෙයුම් ගණනාවක් සිදු කරමින් විශාල පිරිසක් අත් අඩංගුවට ගැනීම මගිනි. මෙය සිදුවන විට හුදෙක් ගතව තිබුනේ ලංකාවේ මුල්ලිවයික්කාල්හිදී ශ්‍රී ලංකා රජය විසින් දෙමළ ජනයා දහස් ගණනින් සංහාරය කර මාස කීපයක් පමණි. සිය ආදරණීයයන්ගේ කෘෘර අන්දමින් සංහාරයට ලක්වීම පිළිබඳව දැඩි කම්පනයකටත් වේදනාවකටත් පත්ව සිටි විදේශගත දෙමළ ප්‍රජාවට එරෙහිව මර්දනය දියත් කළ බොහෝ බටහිර රාජ්‍යයන් අතරට ජර්මනියද එලෙස එක්විය.ජර්මනිය පුරා අත් අඩංගුවටගත් පුද්ගලයන්ව වසර ගණනාවක් බන්ධනාගාර ගත කොට රඳවා තැබීමෙන් අනතුරුව ඔවුන්ට එරෙහිව නඩු පවරා දඬුවම් ලබා දෙන ලදි.

ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ ප්‍රධානියා වූ උල්ෆ් හෙන්රික්සන්ට අනුව (euobserver.com/news/22264) යුරෝපා සංගමයේ පොදු විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තිය යටතේ 2006 දී විමුක්ති කොටි සංවිධානය තහනම් කිරීම සඳහා වූ තීරණය වනාහි “ බ්‍රසල්ස් හි ආපනශාලාවලදී ගනු ලැබූ අතිශයින් ඉහළ මට්ටමේ” තීරණයකි.ඔහු මෙසේ ද පවසා තිබේ.(tamilnet.com/art.html?catid=79&artid=37067)

“ ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුව, විවිධ තානාපති කාර්යාල, එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් කටයුතු කළ ජාත්‍යන්තර ප්‍රජාවේ සාමාජිකයන් වන අපි විසින් විමුක්ති කොටි සංවිධානය තහනම් නොකරන ලෙස යුරෝපා සංගමය වෙත උපදෙස් දුන්නෙමු….. නමුත් පසුව සියල්ල ඉතා ඉක්මණින්ම සිදු විය.” උල්ෆ් හෙන්රික්සන් විසින් වැඩි දුරටත් මෙසේ ද සඳහන් කර තිබේ (friedenfuersrilanka.de/2007/03/05/generalmajor-ulf-henricsson/) “මෙම තීරණය ගැනීම පිටුපස එක්සත් ජනපදය සිටී. එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය මෙම තහනම ඇති කිරීමෙහිලා දැඩි බලපෑමක් සිදු කරන ලදි. නමුත් මෙය නිවැරදි තීරණයක් නොවන බවට යුරෝපා සංගමයේ ඉහළ දේශපාලනඥයන්ගේ විසින් විශ්වාසය විය.” යුරෝපීය නීතියේ සිදු කරන ලද මේ විකෘති කිරීම් විසින් විමුක්ති කොටි සංවිධානය විනාශ කිරීමේ එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය උවමනාවට ඉඩ සලසන ලදි.

2010 දී සිදු වූ ජර්මන් නීතියේ විකෘති කිරීම් සහ අත් අඩංගුවට ගැනීම් විසින් ශ්‍රි ලංකාව තුළ කිසි විටෙකත් සාම ක්‍රියාදාමයක් නොපැවැති බවටත් සාම ක්‍රියාදාමය තුළ විමුක්ති කොටි සංවිධානය විසින් අත්පත් කරගත් ප්‍රගතිය කිසි විටෙකත් සිදු නොවූ එකක් බවටත් වන ආඛ්‍යානය පවත්වාගෙන යාම සඳහා සේවය කරන ලදි.ජර්මනිය ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රි ලංකාව තුළ සහ විදේශයන්හි වසන දෙමළ ප්‍රජාව වෙත පීඩනයක් යොදමින් ඔවුන් විමුක්ති කොටි සංවිධානයට සහාය දීමෙන් වැළැක්වීමේ බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපද ප්‍රතිපත්ති සමග ජර්මන් ප්‍රතිපත්තිය ද සම්පාත වීම සිදු වී තිබේ.“”

2022 දී දෙමළ ඊළාම් ක්‍රියාකාරිකයන් වන නාදන් තම්බි සහ ආනන්ද රාජා ජර්මන් අධිකරණය හමුවේ විමුක්ති කොටි සංවිධානය ත්‍රස්තවාදි සංවිධානයක් ලෙස නම් කිරීම අභියෝගයට ලක් කරයි.

2009 දී සිදු වූ දෙමළ ජනසංහාරයේ (youtube.com/watch?v=qrBt4kpWLDE) කම්පනය විසින් ද, දෙමළ ජනයාට එරෙහි යුද්ධය ජර්මනිය තුළ තවමත් සිදුවන බවට ඇති අවබෝධය නිසාද, තමන්ට එරෙහි නඩු විභාගයන්හිදී වරදකරුවන් ලෙස පිළිගනිමින් අවම දඬුවමක් ලබාගැනීමට කටයුතු කරන ලෙස දෙමළ ඊලාම් ක්‍රියාකාරිකයන් හට දැඩි පීඩනයක් එල්ලකරමින් පවතී.එමෙන්ම තමන් මෙම විවෘත අධිකරණ ක්‍රියාමාර්ගය තුළ තම ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටියහොත් ශ්‍රි ලංකාව තුළ අනාරක්ෂිතව වෙසෙන සිය ඥාතීන් වෙත හානියක් සිදු කරනු ඇතැයි යන බියද ඔවුන් තුළ පවතී.

කෙසේ වුව ද ඉතා මෑතකදී එනම් 2022 අප්‍රේලයේදී ආරම්භ කරන ලද නඩුවලදී චෝදනා ලැබූවන් 4 දෙදෙනෙකුගෙන් දෙදෙනෙකුම එනම් නාදන් තම්බි සහ ආනන්ද රාජා විසින් පීඩනයට යටත්ව වරද භාරගැනීමේ ප්‍රතිපත්තියෙන් ඉවත්ව යමින් 2007 සහ 2009 අතර කාලය තුළ විමුක්ති කොටි සංවිධානය වෙත අරමුදල් රැස්කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නගා ඇති වෝදනා සම්බන්ධයෙන් තමන් “ නිවරද කරුවන් ” බවට උසාවිය හමුවේ ප්‍රකාශ කර ඇත.ඔවුහු මෙම නඩු විභාගය දෙමළ විමුක්ති කොටි සංවිධානය ත්‍රස්තවාදි සංවිධානයක් ලෙස නම් කිරීමේ අසාධාරණ ක්‍රියාමාර්ගය අභියෝගයට ලක් කිරීම සඳහා වේදිකාවක් බවට පත් කර ගැනීමට තීරණය කර තිබේ.ඔවුන්ගේ තර්කය වන්නේ විමුක්ති කොටි සංවිධානය ත්‍රස්තවාදි සංවිධානයක් ලෙස නම් කිරීම එම සංවිධානය සහ ශ්‍රි ලංකා රජය අතර පැවැති සාම ක්‍රියාදාමය බිඳ දැමීමේ දේශපාලන අරමුණකින් යුතුව සිදු කරන ලද නීති විරෝධී එකක් බවයි.එමෙන්ම තමන් දෙමළ විමුක්ති කොටි සංවිධානයේ ආධාරකරුවන් බවට විවෘතව පෙනී සිටින ඔවුහු එම සංවිධානය වෙතින් දුරස්ත බව ඇඟවීමට වෑයම් නොකරති .ඒ වෙනුවට විමුක්ති කොටි සංවිධානය යනු ත්‍රස්තවාදි සංවිධානයක් නොව දෙමළ ජනතාවගේ නීත්‍යානුකූළ විමුක්ති ව්‍යාපාරය යන ස්ථාවරය ජර්මන් රජය මීට ඉහතදී දරන ලද ස්ථාවරයද වූ බවට ඔවුහු තර්ක කරති.එමෙන් ම සැබෑ අපරාධය වූ කලී විමුක්ති කොටි සංවිධානය ත්‍රස්තවාදි සංවිධානයක් ලෙස නම් කොට තහනම් කරමින් ශ්‍රි ලංකා රජයට එහි ජන සංහාරක පිළිවෙත් දිගටම කරගෙන යාමට “කොළ එළිය” දැල්වීම බවටද ඔවුහු තර්ක කරති.

2004 ඔක්තෝබර් මාසයේදී ජර්මන් විදේශ අමාත්‍යාංශයේ නිලධාරිහු විමුක්ති කොටි සංවිධානයේ නියෝජිතයන් පිරිසක් බර්ලින් නගරයේදී හමු වූ අවස්ථාව- විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන අංශ නායක තමිල් චෙල්වන් සහ ජර්මනියේ ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් එරික් ස්ටාතර් සහ රාජ්‍ය ඇමැති බර්ලින් හිදී. තමිල් චෙල්වන්ව ශ්‍රි ලංකා හමුදාව විසින් 2007 දී මරා දමන ලදි. ඡායාරූපය ටැමිල්නෙට් (pt3lanka.org/s/en/item/238) වෙතිනි

නාදන් තම්බි සහ ආනන්ද රාජා විසින් ගෙන ඇති මූලධාර්මික ස්ථාවරය මගින් ශ්‍රි ලංකා රජයේ ජන සංහාරක පිළිවෙත් ඉදිරියට ගෙනයාමට නීතිමය සහ දේශපාලනික රාමුවක් සපයන ලද අතර 2006 දී යුරෝපා සංගමය විසින් විමුක්ති කොටි සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කිරීමට එමගින් අවස්ථාවක් සලසා දී තිබේ.
2006 සිට බල පැවැත්වෙන යුරෝපා සංගමයේ තහනමත් සහ 2010 සිට ක්‍රියාත්මක වන ඒ හා සමාන ජර්මන් නීතියත් විසින් විමුක්ති කොටි සංවිධානය තහනම් සංවිධානයක් බවට පත් කිරීම නිසා 2006 සිටම දෙමළ ඊලාම් ජනතාවට එරෙහි යුද්ධය සාධාරණීකරණය වී තිබේ.2009 දී දසදහස්ගණනින් දෙමළ ජනයා මරා දැමීම සඳහා පමණක් නොව අපකීර්තිමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන නීති විරෝධී අත් අඩංගුවට ගැනීම් සහ රඳවා ගැනීම්, වධ බන්ධන පැමිණවීම්, ලිංගික අතවර,සම්ප්‍රදායික දෙමළ වාස භූමිවල සිදුවන මිලිටරිකරණය සහ ඉඩම් කොල්ලය සහ සිංහල ජනාවාසකරණය ද, දෙමළ ජනතාවට සිය ඓතිහාසික උරුමයන් සහ ශ්‍රී ලංකා රජයේ ජනසංහාරයට එරෙහිව සටන් වැදී දිවිපිදුවන් ද සැමරීමේ අවස්ථාවන් පවා තහනම් කිරීම සාධාරණීකරණයට යුරෝපා සංගමයේ සහ ජර්මනියේ තහනම් නීති ආවරණයක් ලෙස යොදාගෙන තිබේ.

මෙම අපරාධකරුවන්ට සිය අපරාධ දිගටම ක්‍රියාත්මක කරගෙන යාමට “කොළ එළියක් දල්වා සංඥා දීම” වෙනුවට දිගින් දිගටම අපරාධ සිදුවීමට හේතුවන එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තියට එරෙහිව ජර්මනිය විසින් ස්ථාවරයක් ගත යුතුව තිබේ

දේශපාලන අවශ්‍යතා සඳහා නීතිය අවභාවිතයේ යෙදවීම ද අපරාධයකි.

2010 මාර්තු 03 වැනි දින ජර්මනිය තුළ ඊලාම් දෙමළ ජාතිකයන් අත් අඩංගුවට ගැනීම් සඳහා මෙහෙයුම් දියත් කරන ලදි. මේ සඳහා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබුණේ 2009 දෙසැම්බර් 16 වැනි දාය.අත් අඩංගුවට ගනු ලැබූවන්ට ආරම්භයේදී චෝදනා එල්ල කරන ලද්දේ ජර්මනියේ “අභ්‍යන්තර ත්‍රස්තවාදී මර්දන නීති” යටතේය. නමුත් මෙම කරුණ නීතිය හමුවේ අභියෝගයට ලක් කරන ලද විට හෙළිදරවු වූයේ ඉහත අත් අඩංගුවට ගැනීම් නීති විරෝධී බවත් විමුක්ති කොටි සංවිධානය “ජර්මනියේ අභ්‍යන්තර ත්‍රස්තවාදි සංවිධානයක් ලෙස ” සැළකිය නොහැකි බවත්ය. නමුත් ඉතා කඩිමුඩියේ ගන්නා ලද තීරණයක් මගින් නීතියේ වෙනත් නීතිමය ප්‍රතිපාදන යටතේ ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල කරන ලද්දේ ඔවුන්ව දිගටම රඳවා තබාගැනීමේ අරමුණ ඉටු කර ගැනීම සඳහාය.

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදුන් අධිකරණය විසින් 2010 අප්‍රේල් 14 වැනි දින (juris.bundesgerichtshof.de/cgi-bin/rechtsprechung/document.py?Gericht=bgh&Art=en&sid=7240a7b1f9807524f8354aab3a139ed0&nr=51865&pos=13&anz=16)ජර්මනියේ අධිකරණ දෙපාර්තුමේන්තුවට නියෝග කරන ලද්දේ ඔවුන්ගේ පැමිණිල්ල “විදේශික ත්‍රස්තවාදි සංවිධානයකට සහාය දීම” යටතේ ඉදිරිපත් කිරීමට හෝ අත් අඩංගුවේ සිටින සැකකරුවන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසය.

කෙසේ වුව ද එවැනි චෝදනාවන් නගමින් නඩු විභාගයක් පවත්වාගෙන යාමට අනුමැතිය දීමේදී පිළිපැදිය යුතු අතිරේක කොන්දේසි ගණනාවක් ජර්මනිය විසින් 2002 දී සිය නීතිය තුළට එක්කර තිබේ. මෙහි අරමුණ වූයේ පීඩාකාරී රාජ්‍යයන්ට එරෙහිව සටන් වදින නීත්‍යානුකූල සහ යුක්ති සහගත විමුක්ති අරගල ව්‍යාපාරවලට සහයෝගය දෙන පුද්ගලයන්ට එරෙහිව මෙම නීතිය යෙදවීම වැළැක්වීම සඳහාය (පරිච්ඡේදය 129b).

මේ අනුව ජර්මනියේ අධිකරණ දෙපාර්තුමේන්තුව විසින් විමුක්ති කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් එල්ලවූයේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන රාජ්‍යයකට එරෙහිව ද යන්න ගැනත් අනෙකුත් අදාළ සියලු දේ ගැනත් සෑම පැත්තකින්ම ඇගයීමක් කළ යුතුව තිබිණි.ශ්‍රි ලංකා රාජ්‍යය විසින් දශක ගණනාවක් තිස්සේ දෙමළ ජනතාවට එරෙහිව සිදු කරන ලද අපරාධ සහ විෂම සැළකිළි ද 2009 දී සිදු කරන ලද විශාල ජන සංහාරයද සැළකිල්ලට ගත්කළ විමුක්ති කොටි සංවිධානයේ අරගලය යුක්ති සහගත එකක් බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබූ අතර එයට එරෙහිව විදේශිය ත්‍රස්තවාදි සංවිධානයක් යන කරුණ යටතේ නඩු පැවරීමට අනුමැතිය ලබා දීම කළ නොහැකිව තිබිණි.

නමුත් 2010 දී නඩු පැවරීම සඳහා අධිකරණ දෙපාර්තුමේන්තුවේ අනුමැතිය ලබාදීම සිදු වූ අතර එමගින් නඩු පවරන ලද්දේ එම අනුමැතිය ලබාදීමට පෙර එනම් 2009 සහ ඊට පෙර විමුක්ති කොටි සංවිාධානයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙනි.මෙය විසින් ප්‍රශ්න ගණනාවක් මතු කර තිබේ.මක් නිසාද යත් 2009 ට පෙර ජර්මන් රජය විසින්ම “මෙම විදේශික ත්‍රස්තවාදි සංවිධානයට ” සම්බන්ධිත දෙමළ පුනරුත්ථාපන සංවිධානය වැනි සංවිධානවලට අරමුදල් ලබාදෙමින් සහයෝගය දී තිබීමත් විමුක්ති කොටි සංවිධානයේ නායකයන්ට ජර්මනියේ දී රාජ්‍යතාන්ත්‍රික හමුවීම් සිදු කිරීමට පහසුකම් සපයා තිබීමත් හේතුවෙනි.

2005 ජූනි මාසයේදී කිලිනොච්චියේදී පැවැති අවතැන් වූ පවුල් 110ක් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය. දෙමළ පුනරුත්ථාපන සංවිධානය (Tamils Rehabilitation Organization -TRO) විසින් මෙහෙයවන ලද මෙම ව්‍යාපෘතියට මුදල් ආධාර ලබාදුන්නේ ජර්මන් තාක්ෂණික සහයෝගිතා දෙපාර්තුමේන්තුව (German Technical Co-operation- GTZ) මගින් ජර්මන් රජය විසිනි. ඡායාරූපය ටැමිල්නෙට් (pt3lanka.org/s/en/item/198) වෙතිනි

2010 දී ජර්මනියේ අධිකරණ අමාත්‍යාංශය විසින් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව නඩු පැවරීමට අනුමැතිය ලබාදීම සාධාරණීකරණයට යොදාගත් හේතුන් රහසක්ව පවතී.

එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය විසින් ජර්මනිය සහ යුරෝපා සංගමය වෙත එල්ල කරන ලද බලපෑම් අනුව විමුක්ති කොටි සංවිධානය තහනම් කරන ලද බව සැඟවීමට අපහසු කරුණක් වුවත් ජර්මනිය විසින් පවත්වාගෙන යන වර්තමාන නඩුවලදී සඟවමින් ඇත්තේ 2009 ජන සංහාරයෙන් පසුව වුවත් එම බලපෑම් දිගටම සිදුවන ආකාරයයි.

මෙම නඩු පැවරීම් පිටුපස සිටින බලවේග මොනවාදැයි යන්න 2011 නඩු විභාගයේදී පෙන්නුම් කෙරුණේ ජර්මන් විදේශ අමාත්‍යාංශයේ නිලධාරින් දෙදෙනෙකු සාක්ෂි දීමට ඉදිරිපත් වූ විට එම සාක්ෂි සඳහා අවසර නොදීමට ජර්මන් විදේශ අමාත්‍යාංශය කටයුතු කළේ “ඔවුන්ගේ සාක්ෂි විසින් යුරෝපා සංගමයේ අනෙක් රටවල් සහ ජර්මනිය අතර සබඳතාවලට හානි සිදු කරනු ඇතැයි” පැවසීම මගිනි. මෙහිදී පැන නගින ප්‍රශ්නය වූයේ මෙම අනෙක් රටවල් කුමක්ද යන්නයි. (මේ අතර 2018 ස්ව්ට්සර්ලන්තයේ පැවැති නඩුවේදී හෙළිදරවු වූයේ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවාවල ක්‍රියාකාරකම් එම නඩු පැවැරීම් පිටුපස පවතින බවයි.)

කෙසේ වුව ද 2022 නඩුවේ නාදන් තම්බිගේ නීතිඥයන් විසින් 2010 දී විමුක්ති කොටි සංවිධානයට එරෙහි නඩු පැවැරීම් වලට අනුමැතිය ලබාදීම සාධාරණීකරණයට යොදාගත් හේතුන් පිළිබඳව ජර්මන් විදේශ අමාත්‍යංශය සතු සම්පූර්ණ තොරතුරු අනාවරණය කරන ලෙස සිදු කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ හේතුවෙන් එකී අනුමැතියේ වලංගුතාවය අභියෝගයට ලක් කිරීම කළ නොහැකි දෙයක් බවට පත් වී තිබේ.නඩු විභාගයේ අවසන් තීන්දුව නිකුත් කිරීමට පෙර එකී අනුමැතිය සාවද්‍ය එකක් යැයි පිළිගැනීමට ජර්මන් මධ්‍යම රජයට බලය තිබේ.

විරෝධතා ක්‍රියාමාර්ගයන්ට සහභාගි වන ලෙස ආයාචනා කරමු

2010 නඩුපැවැරීම් සඳහා අනුමැතිය ලබාදීම සාධාරණීකරණයට යොදාගත් හේතුන් සම්බන්ධව ජර්මන් විදේශ අමාත්‍යාංශය සතුව පවතින තොරතුරු වහාම මුදාහරින ලෙස එම අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන ලෙස අපි පුද්ගලයන්ගෙන් සහ සංවිධාන වලින් ඉල්ලා සිටින්නෙමු. එමෙන්ම ජර්මන් විදේශ අමාත්‍යාංශයෙන් අප ඉල්ලා සිටින්නේ ඉහත දී සඳහන් කර ඇති හේතූන් අනුව මෙම අනුමැතිය ලබාදීම සාවද්‍ය බව පිළිගන්නා ලෙසය.මෙය සිදු කළ යුතුව ඇත්තේ මෙම නඩුවේ අවසාන තීන්දුව ලබාදීමට පෙරය.

ඔබගේ ක්‍රියාමාර්ගයන් පිළිබඳව විස්තර ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා
imrvbremen@gmail.com යන ලිපිනයට ඊමේල් මගින් දන්වන ලෙස හෝ,
twitter, twitter.com/imrv_bremen, facebook facebook.com/imrvbremen, instagram instagram.com/IMRVbremen: යන සමාජ මාධ්‍ය මගින් සම්බන්ධවන ලෙස ඉල්ලා සිටිමු.

ඔබගේ ක්‍රියාමාර්ග පහත සඳහන් සඳහන් ක්‍රමවලට සිදු කළ හැකිය.

  • විඩීයෝ පණිවිඩ
  • ඡායාරූප පණිවිඩ
  • සමාජ මාධ්‍ය ජාලා තුළ සිදු කරන පළකිරීම්
  • ලිපි ( ෆැක්ස් මගින් ඒවා ජර්මන් විදේශ අමාත්‍යාංශයට යැවීම සඳහා ඒවා අපවෙත ඊමේල් කරන ලෙස ඉල්ලා සිටිමු)
  • ජර්මන් තානාපති කාර්යාල ඉදිරිපිට සිදුකරන උද්ඝෝෂණ

එමෙන්ම නාදන් තම්බි සහ ආනන්ද රාජාගේ නඩුවේදී අවශ්‍යවන නීතිමය කටයුතු සඳහා අපට සහාය දීමට ඉදිරිපත්වන ලෙස අපි නීති ක්‍රියාකාරිකයන්ගෙන් සහ වෘත්තිකයන්ගෙන් ද ඉල්ලා සිටිමු.

ජර්මන් විදේශ අමාත්‍යාංශය

email poststelle@bmjv.bund.de
twitter twitter.com/bmj_bund
facebook www.facebook.com/bundesjustizministerium
instagram www.instagram.com/bundesjustizministerium

ජර්මන් තානාපති කාර්යාල ලැයිස්තුව

auswaertiges-amt.de/en/about-us/auslandsvertretungen/deutsche-auslandsvertretungen


*සටහන් – යුරෝපීය සංගමයට එරෙහිව එහි රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණ ලබා ගැනීම සඳහා එක්සත් ජනපදය විසින් දියත් කළ බලපෑම් ව්‍යාපාරයේ පිළිබඳ ලියැවිළි වල යම් කොටස් එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික කේබල් පණිවිඩවල සඳහන්ව ඇති අතර ඒවා විකිලීක්ස් (humanrights.de/4804-2) මගින් පළ කර තිබේ. ඒවාට අනුව 2005 සැප්තැම්බර් 19 සිට 2006 මැයි 24 දක්වා යුරෝපා සංගමයට අයත් රටවල් 13ක් සමග වෙන වෙනම හමුවීම් 20ක් එක්සත් ජනපදය විසින් විමුක්ති කොටි සංවිධානය ත්‍රස්තවාදි සංවිධානයක් ලෙස ලැයිස්තු ගත කිරීමට අදාළ කරුණ සාකච්ඡා කිරීම සඳහා පවත්වා තිබේ.යුරෝපා සංගමය විසින් 2006 මැයි 29 වැනි දින විමුක්ති කොටි සංවිධානය ලැයිස්තු ගත කරන ලදි.
2002 වසරේදී ශ්‍රි ලංකා රජය සහ විමුක්ති කොටි සංවිධානය අතර ඇති කරගන්නා ලද සටන් විරාම ගිවිසුම නිරීක්ෂණය කිරීම සඳහා පිහිටුවන ලද ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ ප්‍රධානියා වූ උල්ෆ් හෙන්රික්සන් (friedenfuersrilanka.de/2007/03/05/generalmajor-ulf-henricsson/) යුරෝපා සංගමයේ පොදු විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තිය යටතේ 2006 දී විමුක්ති කොටි සංවිධානය තහනම් කිරීම සඳහා වූ තීරණය පිළිබඳ මෙසේ පවසා තිබේ.
“මෙම තීරණය ගැනීම පිටුපස එක්සත් ජනපදය සිටී. එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය මෙම තහනම ඇති කිරීමෙහිලා දැඩි බලපෑමක් සිදු කරන ලදි. නමුත් මෙය නිවැරදි තීරණයක් නොවන බවට යුරෝපා සංගමයේ ඉහළ දේශපාලනඥයන්ගේ විසින් විශ්වාසය විය.”

එවකට ශ්‍රි ලංකාවේ විදේශ ඇමැතිව සිටි මංගල සමරවීර 2012 දී පාර්ලිමේන්තුවේදී (europarl.europa.eu/doceo/document/P-7-2012-009345_EN.html)මෙසේ පැවසීය. “මා විදේශ ඇමැතිව සිටි කාලයේදී යුරෝපය තුළ LTTE සංවිධානය තහනම් කිරීම කටයුතුවලදී එක්සත් ජනපදය විසින් දෙන ලද සහයෝගය අප විසින් අමතක නොකළ යුතුය. එකල යුරෝපීය සංගමයේ සාමාජික රටවල් 25න් රටවල් 7ක් LTTE තහනමට එකඟ නොවීය.එහෙයින් එම තහනම ඒකමතික තීරණයක් ලෙස ක්‍රියාවට නැංවීම දුෂ්කර විය. එහෙයින් මම එක්සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් නිකොලාස් බර්න්ස් ගේ කාර්යාලය හරහා රාජ්‍ය ලේකම් කොන්ඩෝලීසා රයිස් කීපවාරයක් මුණ ගැසී 2006 මැයි 29 වැනි දින LTTE සංවිධානය තහනම් කිරීමට මෙම රටවල් හතේ කැමැත්ත ලබාගතිමි. ”

සාම ක්‍රියාවලිය මගින් ලැබුණ මානුෂික ජයග්‍රහණයන් කොතෙක් වුව ද, එම ක්‍රියාවලිය සඳහා ශ්‍රි ලංකාවේ සියලු ප්‍රජාවන් වෙතින් ලැබුණ සහයෝගය කොතරම් විශාල වුව ද , ශ්‍රි ලංකා රජය විසින් දෙමළ ජනතාව සමග ස්වාධිපත්‍යය බෙදාගැනීමේ දිශාව වෙතට තබන ලද සෑම පියවරක්ම එක්සත් ජනපදය විසින් කඩාකප්පල් කරන ලදි. සාම ක්‍රියාවලිය ආරම්භයේදීම 2003 වොෂින්ටනයේ පැවැති ආධාර දෙන රටවල රැස්වීමට සහභාගි වීමට LTTE සංවිධානයට අවසර නොදෙන ලදි.
යුරෝපා සංගමය එකල විමුක්ති කොටි සංවිධානය සහ ශ්‍රි ලංකා රජය සමාන තත්ත්වයෙහිලා සැළකීමට කටයුතු කළ නමුත් 2003 නොවැම්බරයේදී යුරෝපා සංගමයේ විදේශ සම්බන්ධතා පිළිබඳ ලේකම්වරයා විමුක්ති කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ව හමුවීම එක්සත් ජනපදය විසින් පුද්ගලිකව දැඩි ලෙස විවේචනය කරන ලදි.එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ක්‍රිස්ටිනා රොකා විසින් “LTTE සංවිධානය සහ ශ්‍රි ලංකා රජය එක හා සමාන තත්ත්වයෙහිලා නොසැළකිය යුතුය. ” පවසන ලද බව විකි ලීක්ස් කේබල්වල (wikileaks.org/plusd/cables/03BRUSSELS5593_a.html) සඳහන් වේ.

2004 වසරේ සුනාමි ආපදා අවස්ථාවේදී ආපදා සහන, පුනරුත්ථාපනය සඳහා වන ආධාර බෙදාහැරීමේ කටයුතු සඳහා විමුක්ති කොටි සංවිධානය සහ ශ්‍රි ලංකා රජය අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇති කිරීමේ අදහස යුරෝපා සංගමය විසින් දැඩි ලෙස දිරිගන්වන ලදි (europa-nu.nl/id/vgyhl3l38fcx/nieuws/ferrero_waldner_bezoekt_sri_lanka_en?ctx=vgu719bwytoy&d=17-02-2018&tab=0&start_tab1=15).ඒ අනුව ශ්‍රි ලංකා ජනාධිපතිවරයා සහ විමුක්ති කොවි සංවිධානය අතර ඇති කරගන්නා ලද ගිවිසුමක් මගින් පශ්චාත් සුනාමි මෙහෙයුම් කළමණාකරණ ව්‍යුහය (Post-Tsunami Operational Management Structure; P-TOMS)ගොඩ නංවන ලදි. 2005 ජූනි මස 25 වැනි දින යුරෝපා සංගමය මෙයට තම දැඩි සහයෝගය පල කරන ලද අතර අවශ්‍ය අරමුදල්ද (tamilnet.com/art.html?catid=13&artid=15256)සපයන ලදි. නමුත් එක්සත් ජනපදය මෙයට ආධාර දීම ප්‍රතික්ෂේප (tamilnet.com/art.html?catid=13&artid=15340)කළේය.

SHARE